Published
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අතරින් එක් තීරණයක් වන්නේ කඩිනමින් නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමයි.
එලෙස ලබාදෙන නිවාස අතරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි විජේරාමේ නිවස ද ඇතුළත්.
මහාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද අදහස් පළ කළා.
අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇත්තේ මෙවන් තීරණයක්.
එක් එක් අමාත්‍යංශවලට බඳවා ගැනීමට නියමිත පිරිස සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.



