Published
මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.
එබැවින් පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බවයි ඔහු පවසන්නේ.
මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.
මහ කන්නයේ පොහොර සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.




