මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සිට ගාල්ල මාර්ගයේ කුඹල්ගම හංදියෙන් හැරී කළුකන්ද පාරේ ගමන් කරන ජනතාව වසර 8ක් පමණ කාලයක් තිස්සේ මුහුණ පාන ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා.

තම ගම්මානයට යන මාර්ගයේ අතරමග කඳු සහිත කොටසක් නිතරම නාය යාමට ලක්වීමෙන් පයින් ගමන් කිරීමටවත් නොහැකි තත්වයට පත්ව තිබෙන බව ගම්වාසින් පවසනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.