Published
මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාට වෙඩි වැදී නොමැති බවයි පොලීසිය පවසන්නේ. වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හල් හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදු කර ඇති අතර එම අවස්ථාවේදී වෙඩික්කරු පළා ගොස් තිබෙනවා. වෙඩි තැබීම සඳහා රැගෙන ආ ගිනි අවිය ජීව පතොරම් 04ක් සහ හිස් කොපුවක් අදාළ ස්ථානයේ දමා ගොස් තිබියදී සොයාගත් බවද පොලීසිය පැවසුවා. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.