පසුගිය වසර 05 තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.
තවත් පුද්ගලයින් 30 දෙනෙකු ගැටුම්වලදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.
ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර ගනිමින් පොලිස් විමර්ෂණ සිදු කිරිමට අවස්ථාව සහ ආයතනය කිහිපයක් පිහිටුවා තිබියදී මාංශපේෂීන් උපයෝගි කරගෙන පොලිස් විමර්ශන සිදු කිරිමට නොහැකි බවද ඔහු කියා සිටියා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා.
ජාත්‍යන්තර වද හිංසා වැළැක්වීමේ දිනය නිමිත්තෙන් “ඒ මම වෙන්න පුළුවන්” යන මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හැටන් ප්‍රාදේශිය කාර්යාලය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඊට පොලිස් නිළධාරින්, රාජ්‍ය සේවකයින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා.