මාලදිවයින් රජය ඇමරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ආධාරයක් සහ ටින් මාළු පෙට්ටි 25,000 ක සහන ආධාර ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.

මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳ ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින් ජනතාව වෙනුවෙන් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි

සමීප අසල්වැසියෙක් වන ශ්‍රී ලංකාව මෙන්ම මිත්‍රශීලී ශ්‍රී ලාංකිකයන් සමඟ මාලදිවයිනේ සහයෝගීතාව මෙම ආධාරයෙන් පෙන්නුම් කරන බව ද එරට රජය ප්‍රකාශ කරනවා.