Published
මාලදිවයින හෙට 60 වන නිදහස් දිනය සැමරීමට සූදානමින් සිටියි.
ඒ සඳහා පැවැත්වෙන ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදියි.
ඒ අනුව සිය බ්‍රිතාන්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට පැමිණියේය.
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉන්දියා-මාලදිවයිනේ ආරක්ෂක හවුල්කාරිත්වයේ ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණයි.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු හමුවීමට ද නියමිතයි.
අගමැති මෝදි සහ ජනාධිපති මුයිසු විසින් ‘පුළුල් ආර්ථික සහ සමුද්‍රීය ආරක්ෂක හවුල්කාරිත්වයක්’ සඳහා වන ඉන්දු-මාලදිවයින ඒකාබද්ධ දැක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇත.