දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැයෙන් පාලක පක්ෂය වන ජාතික ජන බලවේගය අද පරාජයට පත් වුණා.

එහිදී විපක්ෂයේ කණ්ඩායම ඡන්ද 13 ක් ලබාගත් අතර පාලක ජාතික ජන බලවේගයට හිමිවුයේ ඡන්ද ගණන 12 ක්.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ කණ්ඩායම මන්ත්‍රී ධුර 13 ක් දිනාගත් අතර ජාතික ජන බලවේගය මන්ත්‍රීධුර 10 ක් හිමිකර ගත්තා.

ජාතික ජනබලවේගය එම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහාය ඇතිවයි.