සියලුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම රට තුළ එක හා සමානව සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය පවසනවා. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද කටයුතු කළේ රටේ පවතින නීතියට අනුව බවයි.

විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන් අධිකරණ නියෝගය විකෘති කර සමාජගත කරමින් සිටින බවද ඔහු කියා සිටියා. ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානයේ නීතිඥ හේමක සේනානායක මහතා එහිදී කරුණු දැක්වුවා. මේ අතර, අද උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව විකාශය වන නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සිදු වූ ආකාරය සහ ඔහුට එරෙහිව ඉදිරියේදී සිදු වන ඉදිරි නීති ක්‍රියාමාර්ග පිළිබඳවයි. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමග නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනෙන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.