මෙම වසරේ ගතවූ මාස 10 තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු ඊයේ දිනයේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර එම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකු ද ඇතුළත් වූ බවයි එම කාර්යංශය පැවසුවේ. ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ෑ-9 වීසා කාණ්ඩය යටතේ එම රැකියා අවස්ථා හිමිව තිබෙනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්රවල රැකියා එමගින් හිමිවන අතර රැකියා අපේක්ෂිතයින් ඔන්ලයින් ක්රමයට තෝරාගෙන ඊට අදාල විභාගය ද ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ පැවැත්වෙනු ඇති.
රැකියා ලාභීන්ට වසර 04යි මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන අතර නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවන බවද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.



