තරඟ තුනකින් සමන්විත ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති තුන් සහ අවසන් විස්ස විස්ස තරඟයේ ජය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ දෙකට එකක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු හතක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කළා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 49ක් ඇතුළතදී දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. දකුණු අප්‍රිකානු නායක ඒඩන් මාක්රම් එක් ලකුණකට දැවී ගිය අතර, රයන් රිකල්ටන් ලකුණු 17කට දැවී ගියා. ඩිවෝල්ඩ් බ්‍රෙවිස් වේගවත් ලකුණු 53ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා. ලකුණු 173 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළදී කඩුලු අටක් දැවී තිබියදී තියුණු තරඟයකින් පසුව තරඟාවලියේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුණා. ඕස්ට්‍රේලියානු පළමු කඩුලු පහ ලකුණු 120 තුළදී දවා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම නායක මිචෙල් මාෂ් වේගවත් ලකුණු පනස් තුනක් රැස්කළා. මැද පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කණ්ඩායමේ වගකීම සිය කර මතට ගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා වාසි සහගතව තිබූ තරඟය යළිත් තම කණ්ඩායම වෙත හරවා ගැනීමට සමත් වුණා. ඔහු පන්දු තිස් හයක් තුළදී හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 02ක් එල්ල කරමින් නොදැවී ලකුණු 62ක් රැස් කර ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
Published