Published
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ, අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ඉරානයට පහර දෙමින් ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයද මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
දෙපාර්ශවය අතර මෙලෙස ගැටුම් පවතින්නේ පස් වන දිනටයි.