Published
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වී තිබෙන සටන් විරාමය හේතුවෙන් ඇතැම් විට අමෙරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ඨික වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා යළි ආරම්භ විය හැකි බව දේශපාලන විශ්ලේශක මොහාන් සමරනායක මහතා පවසනවා.
ඇතැම්විට එය ඉරානයට නැවත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය අවස්ථාවක් කර ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
මැද පෙරදිග අර්බුදයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය මෙම අවස්ථාවේදී සිදු කළ ගණනයන් වැරදී ඇති බවත් අපේක්ෂා නොකළ ප්‍රති ප්‍රහාරයක් ඉරානයෙන් එල්ල වී ඇති බවත් මොහාන් සමරනායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.