රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව විසින් යාපනය, කඩෙයිකාඩු, අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී කේරළ ගංජා කිලෝ 102යි ග්‍රෑම් 350ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අදාළ ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ තිබූ සැකකටයුතු උර දෙකක් තුළ එම කේරළ ගංජා තොගය අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.