මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පවතින ගැටුමක් හේතුවෙන් සිදු වූවක් බවට පොලිසිය සැක පළ කරනවා. කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් එම ඝාතනය සිදුකර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

 

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක් අසල ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, බද්දේගම, අම්පේගම ප්‍රදේශයේ අම්බලම ආසන්නයේ දමාගොස් තිබියදීයි.

ඊයේ රාත්‍රියේ සිදු වූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඝාතනය කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉකුත් මැයි මාසයේදී ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියයි.

මහදුර නලීන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට පලිගැනීමක් ලෙස ඔහුගේ පාර්ශ්වය විසින් කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවල කමිටුවේ සභාපතිවරයා පසුගිය 04 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම ඝාතනයට පලිගැනීමක් ලෙස කරන්දෙණිය සුද්දාගො පාර්ශ්වය විසින් ඊයේ දිනයේ සිදු වූ වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදු කරනවා.