Published
මුලතිව් කලපුව සීමාවේ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකිවු බවයි.
මියගිය පුද්ගලයා මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයෙකු වන බවද පොලිසිය සඳහන් කර ඇති අතර මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.