ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී නාවික හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ මේජර් ජෙනරල් ජයසේකර, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සහ ජාතික ආරක්‍ෂාව සුරැකීම වෙනුවෙන් මෙරට මුහුදු සීමාව තුළ මෙන්ම ඉන් පිටත ගැඹුරු මුහුදේදීත් දියත් කරනු ලැබූ අතිශය තීරණාත්මක වූත් වීරෝධාර වූත් අති සාර්ථක මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ජනාධිපතිවරයා වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

එමෙන්ම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) හි ඇති වැදගත්කම අවධාරණය කරමින්, ඒ ඔස්සේ රජයේ පුළුල් ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ලබා දෙන උපායමාර්ගික දායකත්වය පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.