Published
‘ඒ’ සහ ‘බී’ ශ්‍රේණියේ මාර්ග කිලෝ මීටර් 392ක් සංවර්ධනය කිරීමට සහ පාලම් 78ක ඉදිකිරීම් මෙම වසර තුළ සිදු කෙරෙන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසනවා.
ග්‍රාමීය මාර්ග 2,000ක් ද මෙම වසර තුළ සංවර්ධන කර අවසන් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.




