Published
මෙරටට ආනයනය කළ භාවිත කරන ලද වාහන 1,000කට අධික ප්‍රමාණයක් කොළඹ සහ හම්බන්තොට වරායන් දෙකෙහි සිරවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක් අදාළ බලධාරීන් දැනුවත් කළද, ඊට මේ දක්වා විසඳුම් නොලැබී ඇති බවයි.
එලෙස ආනයනය කළ වාහන නිෂ්කාශනය කිරීමට නොහැකි වූ හේතු සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.