එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ සෞඛ්‍ය සේවයේ ඇති ගැටලු පෙන්වා දෙමිනි.
2025 ඔක්තෝබර් 12 දිනැති පුවත්පත් දැන්වීමක් මගින් ඕනෑම තැනැත්තකුට පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවා සහ හදිසි ප්‍රතිකාර සේවා නොමිලේ ලබා ගැනීමට පිහිටුවා ඇති 1990 සුවසැරිය පදනමේ ගිලන්රථ සේවා නම වෙනස් කර 1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවාව ලෙස නම් කිරීමට හේතුවත් එම ගිලන්රථවල වර්ණය වෙනස් කර ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් ලොව හොදම ගිලන්රථ සේවාව ලෙස පිළිගෙන ඇති සුවසැරිය ගිලන්රථ සේවාවේ පරමාර්ථ වෙනස් කිරීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
පසුගිය වසර තුළ සුවසැරිය පදනම පනත යටතේ හදිසි ප්‍රතිචාර සේවා හා පුර්ණ රෝහල් ප්‍රතිකාර ලබා දිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාවරයා විසින් ගැසට් කළ රෙගුලාසි ඉදිරිපත් කරන ලෙසත් 1990 සුවසැරිය මෙරටට ගෙන එන විට විදේශීය රහස් ඔත්තු සේවාවක් කියා ප්‍රචාරයක් දියත් කළත් අද එය රටට සම්පතක් වී ඇති බවත් එහි නම් වෙනස් කිරීම පාට වෙනස් කිරීම ලැජ්ජා නැති වැඩක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික අර්බුධයෙන් පසු රටින් පිටව යන වෛද්‍ය හා හෙදියන් සංඛ්‍යාව වැඩි වී ඇති බවත් එසේ රට හැරගිය වෛද්‍ය වෘත්තිකයන් හා සෞඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාවත් මේ නිසා ඇතිව තිබෙන පුරප්පාඩු සංඛ්‍යාවත් ඉදිරිපත් කරන ලෙසත් මෙම බුද්ධි ගලනය වැළැක්වීමට ගෙන ඇති නිශ්චිත පියවරත් ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරන සිදු කරන රෝහල්වල උපකරණ හිගයක් ඇති බවත් ඔවුන්ට සහන සැලසීමට ගන්නා කඩිනම් පියවර ඉදිරිපත් කරන ලෙසත් සම්පත් හිගය නිසා ජනතාව සහ රෝහල් කාර්යමණ්ඩලය විදින පිඩා සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බවත් තමා ද කැබැතිගොල්ලෑව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ බවත් කාර්ය මණ්ඩල සදහා නිල නිවාස සකස් කිරිමට අවධානය යොමු කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම් ඇති ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් 301 දෙනකුගේ කොන්ත්‍රාත් සේවා කාලයේ වසරකින් දීර්ඝ කිරිමට 2023.10.01 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර ඇති නමුත් 2025 වසරේ දී මොවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් මොවුන්ගේ සේවාව මහජන සෞඛ්‍යට අත්‍යාවශ්‍ය බැවින් මෙම සේවය අඛණ්ඩව සහතික කිරිමට රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රෝහල් පද්ධතියේ විශාල හිගයක් ඇති බවත් ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල හදවත් සැත්කම් පොලිම 2029 දක්වා ඇති බවත් මේ ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




