Published
මෙරට රත්රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 342,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී එම මිල දැක්වුණේ රුපියල් 337,400ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේ දී රුපියල් තුන් ලක්ෂ හැට පන්දහසක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිලද අද දිනය වන විට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ, හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.




