Published
වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එක් අයෙකු පමණක් සිට ඇති අතර, ඔහු දුම්රිය සංඥා නොතකා ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක මෝටර් රථය ගැටී ඇති අතර එය හරස් මාර්ගයේ සිට මීටර 200ක් පමණ ඇදීගොස් තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
මෝටර් රථයේ රියදුරු මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇත.
මෙම අනතුර හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා




