Published
කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබෙනවා.
අද සවස 2.50 ට පමණ මෝදර පොලිස් වසමේ අළුත් මාවත පාරේ පිහිටි එලි හවුස් උද්‍යානය ඉදිරිපිට ඉදිකර ඇති තාප්පය අසල කළු පැහැති පාසල් බෑගයක් තුළ බෝම්බ ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තොරතුරක් ලැබී තිබෙනවා
ඒ අනුව ක්‍රියාත්මක වූ කැලණිය පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළධාරීන් එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමේදී එම ස්ථානයේ තිබී ජීව අත්බෝම්බ 10ක් සොයා ගැනීමට සමත් විය.
SFG 87 වර්ගයේ බෝම්බ 03ක් සහ Type 82 වර්ගයේ බෝම්බ 07 ක් වන බවයි නිළධාරීන් සඳහන් කර සිටියේ
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා මෝදර පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.





