Published
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ අත්‍යව්‍ය සේවාවන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
ප්‍රාදේශීය මට්ටමින් බිඳ වැටී ඇති සේවාවන් ඉදිරි දින කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.
ඇතැම් ප්‍රදේශවල බිඳ වැටී ඇති විදුලිය සහ ජල ගැටලුව මෙතෙක් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති හේතු සම්බන්ධයෙන් ද ඔහු කරුණු දැක්වුවා.
මෙතෙක් විසඳුමක් ලැබී නොමැති අඩපණ වූ අත්‍යවශ්‍ය සේවා පිළිබඳ දැනුම් දීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දුන් බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.




