Published
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කරවෙඩ්ඩි ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු විසින් සිදු කරණ ලද ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරු නෙල්ලිඅඩි පොලීසියට 13 දා පැමිණිලි කොට තිබබෙනවා.
යාපනයේ තුන්නාලේ ප්රදේශයේ පිහිටි අක්කර තුනක පමණ ඉඩමක් එහි අයිතිකරුට තර්ජනය කොට බලහත්කාරයෙන් අත්පත් කරගත් මන්ත්රීවරයා එම ඉඩමේ ඔහුට අයත් ගව රැළක් දමා ගවයින්ට තණ කෑමට යොදා ගෙන තිබෙනවා.
ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ඉඩම් හිමියා මන්ත්රීවරයා සමග කතා කිරීමට ගිය අවස්ථාවේදී මන්ත්රීවරයා ඉඩම් හිමියාට බැණ වැදී පහර දීමට උත්සහ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අසල ඉඩම් යායේ සිටි පිරිසක් ඉඩම් හිමියාව මන්ත්රීවරයාගෙන් බේරා ගෙන ඇති අතර ඔහු පසුව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කොට ඇත.
නෙල්ලි අඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.




