යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද යාපනය මහ නගර සභාවට නියෝග කළා. යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන උමා සුඛී නඩරාජා මෙනෙවිය විසින් ගොනුකොර තිබූ පෙතසමක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අමතමින් යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර පනත්වල විධිවිධාන අනුව කටයුතු කර තිබෙනවාදැයි විමසා සිටියා. අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුව යාපනයේ පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් යාපනය මහනගර සභාවට දැනුම් දුන්නා. ඊට අවශ්‍ය සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දිය යුතු බවත් සභාපති විනිසුරු වරයා සඳහන් කළා. යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණා.
Published