රුසියාව විසින් නොකඩවා පැය 12කට වැඩි කාලයක් යුක්රේනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තවත් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්රේනයේ කලාප 07ක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා 600කට ආසන්න ප්‍රමාණයක් සහ මිසයිල යොදා ගෙන එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රහාරය මෑත මාස කිහිපයක කාලය තුළ රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරයක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ එම ප්‍රහාරයෙන් වූ සියලුම මරණ සිදු වූයේ කියෙව් අගනුවර බවත්, එම ප්‍රහාරවලට ගොදුරු වූවන් අතර 12 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සිටින බවයි. තවද එම ප්‍රහාරය නින්දිත ප්‍රහාරයක් බවත් ඒ වෙනුවෙන් රුසියාවෙන් පළිගන්නා බවත් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා පැවසා ඇත්තේ එම ප්‍රහාරවලින් රට පුරා සිවිල් ස්ථාන 100කට පමණ හානි සිදුවී ඇති බවයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව පවසා ඇත්තේ යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට සහාය දක්වන හමුදා පහසුකම් සහ කාර්මික ව්‍යවසායන් වෙත පහර දුන් බවයි.
Published