Published
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් යුක්රේනයට පැමිණ ඇති බව අමෙරිකානු හමුදා පවසනවා.
අමෙරිකානු හමුදා ලේකම් ඩෑන් ඩි්රස්කෝල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් එලෙස යුක්රේනයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම අමෙරිකානු නිලධාරින් කණ්ඩායම යුක්රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් නව සාම සැලැස්මක් සකස් කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
මේ අතර රුසියාව යුක්රේනයට ඊයේ දිනයේ ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.




