යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමඟ කැළණිය ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ වැටලීමකින් නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් 1,560,000.00 පමණ වටිනාකමකින් යුත්  දුම්වැටි බණ්ඩල 87ක් (දුම්වැටි 17,400) සහ මෝටර් රථයක් සමඟ කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු කැලණිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.