Published
වහාම ක්‍රියාත්මකවන පරිදි කාම්බෝජය විසින් තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.
ඒ, තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුවයි.
එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව‘ සටන් විරාමයක් ඉල්ලා සිටි බවයි. යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ. ඒ, ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක් තුළයි.
යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම දේශසීමා ගැටුම යුද්ධයක් කරා ගමන් කළ හැකි බවට තායිලන්තයේ වැඩබලන අගමැතිවරයාද ඊයේ අනතුරු අඟවා සිටියා.