තම පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුධ හමුදා විශේෂ බලකා කදවුරෙන් ගුවන් ගත කර තප්පර 30 ක් ඇතුලත තම පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩා වැටුනු බව හෙලිකොප්ටර් යානය පැදවූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ ප්‍රධාන ගුවන් නියමු ෆලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා තිබෙනවා. ප්‍රධාන ගුවන් නියමු ෆලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා මේ බව සඳහන් කලේ සිද්ධියට අදාළ නඩුව දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේ මරණ පරික්ෂණයේ සාක්සි ලබා දෙමිනි. දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ ගයාන් බුද්ධික මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සැරයන් (49145) ගුණරත්න මහතාගේ සාක්සි මෙහෙයවීම මත තවදුරටත් සාක්සි ලබා දෙමින් ප්‍රධාන ගුවන් නියමු ප්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා මෙසේද පවසා තිබෙනවා "මෙම අනතුර සිදු වූ දිනයේ පෙරවරු 6 10 ට පමණ බෙල් 212 හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගත කර මාදුරුඔය ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකා කදවුරුට ගොඩ බැස්සුවා . මෙම හෙලිකොප්ටර් යානය පැදවූයේ මම පසුව පෙරවරු 8 ට පමණ නිදර්ශන චාරිකාවක් සඳහා නැවත මා හෙලිකොප්ටර් යානය ගුවන් ගත කලා . එසේ හෙලිකොප්ටර් යානය ගුවන් ගත කර තප්පර 30 ක් වගේ ඇතුලත මා පදවමින් සිටි හෙලිකොප්ටර් යානය මාගේ පාලනයෙන් මිදී මාරුඔය ජලාශයට කඩා වැටුනා. හෙලිකොප්ටර් යානය මාදුුරුඔය ජලාශයට කඩා වැටුනේ මගේ වරදකින් නොවෙයි කියලා මා විශ්වාස කරනවා. හෙලිකොප්ටර් යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට මා සැක කරනවා. කෙසේ වෙතත් මා පදවමින් සිටි හෙලිකොපටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීමට නිශ්චිත හේතුවක් තවම තහවුරු වී නැහැ. ඊට හේතුව මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදු කෙරෙනවා . අනතුරට නිශ්චිත හේතුව දැන ගන්නට පුලුවන් වන්නේ එම විමර්ශයෙන් පසුවයි මෙම ගුවන් අනතුරින් හය දෙනෙකු මිය ගොස් ඇති බව රෝහලේදී දැන ගත්තා." මෙම නඩුව මේ මස 21 දින යලි කැද`වීමට නියෝග කල දෙහිඅතත්කන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා ගුවන් අනතුරින් මිය ගිය ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සහ යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් සිව් දෙනාගේ මරණ වලට හේතුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කළේය ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා දෙහිඅත්තකන්ඩිය පොලිසියට තවදුරටත් නියෝග කෙරිණ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපකි ප්‍රධාන පොලිස් පරික්ෂක යූ ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත සැරයන් (49145) ගුණරත්න මහතා සිය මූලික කරුණු දැක්වීම් වලදී අධිකරණයට කියා සිටියේ මාදුරුඔය ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ විසිර යාමේ උත්සවයක් පැවති බවයි. එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ සිට ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුධ හමුද විශේෂ බලකා පහුණු දවුරට ගොඩ බස්සවා එම කදවුරෙන් සෙබළු පිහිප දෙනෙකු හෙලිකොප්ටර් යානයට නංවා ගෙන නිදර්ශන කටයුත්තක් සඳහා යළි ගුවන් ගත වී ඇති බවද සැරයන්වරයා කියා තිබෙනවා. එලෙස ගුවන් ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියසාර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව අරලංගවිල පොලිසිය විසින් පලමුව දෙහිඅත්තකන්ඩිය පොලිසියට දැනුම් දුන් බවද පවසා සිටි සැරයන්වරයා අනතුරුව වාහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුම්වත් කර කඩා වැටුනු යානයේ සිටි පිරිස් මුදා ගැනීමර් සහ රෝහල් ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කල බවද කියා සිටියා. ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් දැනුම් දුන් සැරයන්වරයා අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ද පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද විමර්ශන සිදු කරන බවද පවසා සිටියේය පැමිණිල්ල වෙනුවෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත සැරයන් (69145) ගුණරත්න මහතා පෙනී සිටියේය මෙම ගුවන් අනතුරට අදාළ සිය`එ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ දෙහිඅත්තකන්ඩිය පොලිසියේ සැරයන් (69145) ගුණරත්න මහතා විසිනි උපාලි ආනන්ද