Published
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හයවෙනි විෂය ලෙස ඉතිහාසය විෂය එක් කරන්නැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීයි.
එම සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ මහතා පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනාවලියක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වනවා.
ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇතැම් පාර්ශව විරෝධය දැක්වීම හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක්ද පැවැත්වුණා.