Published
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් සිසුන්ට අමතර බරක් යොදවා ඇති බව ගුරු සංගම් පවසනවා.
සිසුන්ට අවශ්‍ය වන්නේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපනයේ බර අඩු කිරීම බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං නෙත් නිවුස් වෙත කියා සිටියේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අවධානය ලක් කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදාළ පාර්ශ්ව මීටත් වඩා දැනුවත් කළ යුතු බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද පැවසුවේ.
ගුරු හිඟයට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති පසුබිමක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සාර්ථක ද? ඊට නියෝජ්‍ය අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක්.