යෞවන සමාජ සම්මේලන පිහිටුවීම සඳහා පැවති නිලවරණවලදී නව තරුණ නායකයින් පත් කිරීමේදී දිස්ත්‍රික්ක කිහිපයකදී විරෝධතා එල්ල වුණා. එහිදී ඔවුන් සඳහන් කළේ එම යෞවන සමාජවලට නව නිලධාරීන් තෝරා ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන බවයි. ගම්පහ ප්‍රදේශයේ යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. එම සම්මේලනයටද යම් තරුණ පිරිසකගෙන් බාධා එල්ල වුණා. එමෙන්ම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති සම්මේලනයේදීද එවන් වූ විරෝධතාවක් හටගෙන තිබුණා. මාතලේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයද උණුසුම් මුහුණුවරක් ගත්තේ නව නිලධාරී මණ්ඩලයට විරෝධය පළ කිරීමත් සමඟයි. විරෝධතාවයෙන් අනතුරුව තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් සම්මේලනය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. යෞවන සමාජ සම්මේලනවලට තරුණ නියෝජතයින් තෝරා ගැනීමේදී ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විපක්ෂයද විරෝධය දක්වනවා. එවැනි ක්‍රියාවලින් පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ බංකොලොත්භාවය බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.
යෞවන සමාජ සම්මේලන පිහිටුවීමේදී දේශපාලන මැදිහත්වීමෙන් එම කටයුතු සිදු කරනවාද? එල්ල වන චෝදනාවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. Published