රංගන ශිල්පී රංජිත් ද සොයිසා මහතා අද සවස සිට අතුරුදන්ව තිබෙනවා.
ඔහුගේ ඥාති පුත්රයෙකු විසින් මේ පිළිබඳව ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා
ඔහුගේ ඥාති පුත්රයා එමගින් සඳහන් කර සිටියේ රංගන ශිල්පී රංජිත් ද සොයිසා මහතා සවස 6.00ට පමණ කැලණිය ටයර් ජංක්ෂන් ප්රදේශයේ අවසන් වරට දැක ඇති බවයි.
නිල් ඩෙනිම් කලිසමක් සහ සුදු ශර්ට් එකක් පැළඳ සිටි බවයි ඔහුගේ ඥාති පුත්රයා සඳහන් කර තිබෙන්නේ.
තොරතුරක් වෙතොත් ඔබ පහත දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දීමට කාරුණික වන්න.
ඔහුගේ ඥාති පුත්රයා පළකර තිබු සටහන පහතින්
උපුටා ගැනීම් :-
මගේ මාමා අද සවස 6.00ට පමණ සිට අතුරුදහන් වී ඇත. ඔහු කැලණිය ටයර් ජංක්ෂන් ප්රදේශයේ අවසන් වරට දැක ඇත.
📍 අවසන් වරට දැක වූ ස්ථානය: කැලණිය ටයර් ජංක්ෂන්
🕕 වේලාව: සවස 6.00
👨🏽🦳 නම: රංජිත් ද සිල්වා
👕 ඇඳුම: නිල් ඩෙනිම් කලිසමක් සහ සුදු ශර්ට් එකක්
📞 තොරතුරු ඇතැයි ඔබ සිතන්නේ නම් කරුණාකර සම්බන්ධ වන්න:
071 654 3296 / 076 739 6901
නැතහොත් සමීපතම පොලීසියට දන්වන්න.
උපුටා ගැනීම අවසන්





