අමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු නතර වීම හේතුවෙන් එරට ජනතාව ගැටලු රැසකට මුහුණපා තිබෙනවා. රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනකගේ රැකියා ද අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාලක රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ අරමුදල් පැකේජයක් සෙනට් මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත කිරීම, ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කිරීම හේතුවෙන් අමෙරිකානු රජයේ කටයුතු නතර වී තිබෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු නිව්යෝක් නගරයේ වෙසෙන මාධ්‍යවේදී අශ්වින් හෙම්මාතගමගෙන්.