මෝටර් රථ 2,000ක් ආනයනය කිරීමට අවශ්‍ය මුදල් රජය සතුව පවතින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. එලෙස මෝටර් රථ ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් බවයි අමාත්‍යවරයා පැවසුවේ. අදාල මෝටර් රථ ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා වාහන ආනයන කරන බව පවසමින් රජයේ ආයතනවලට ද වාහන ආනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි රවී කරුණානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. කෙසේවෙතත් රජයේ ආයතන සඳහා එතරම් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීම අවශ්‍ය නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉන් අනතුරුව පැවසුවේ.