මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව ගතවූ දින 03 තුළ පුද්ගලයින් 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සිදුකළ වැටලීම් 3,370කදී සැකකරුවන් 3,361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉන් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තවත් සැකකරුවන් 72ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් 38දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කළ බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගතවූ දින 03 තුළ සිදුකළ මෙහෙයුම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 185ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 91ක්, ගංජා කිලෝ 205ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.



