Published
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා මෙරට ප්‍රදේශ කිහිපයකදී ජනතාව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වුණා.
සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවර “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද පෙරවරු 08.30 සිට ආරම්භ වුණේ ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදීයි.
මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.
සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ දුම්රිය සිහිපත් කරමින් අදත් විශේෂ දුම්රියක් එම ස්ථානයේ නතර කරමින් සුනාමි සැමරුම් සඳහා එක් වුණා.




