2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති බවයි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේ දී අද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, පාසල් විෂයමාලා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පාසල් විෂයමාලා සංශෝධනයට අදාළ කටයුතු මේ වන විට සිදුවන බවයි.
මේ අතර දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය හේතුවෙන් මෙරට ජනතාව තුළ ඖෂධ සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැගී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
ඊට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ ඖෂධවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.
මේ අතර රෝහල්වලට ලැබෙන මහා පරිමාණ මුදල් පරිත්‍යාග පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්න.