ගංවතුර, නායයෑම් සහ සුළි සුළඟින් බලපෑමට ලක් වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟාසිටුවීම සඳහා “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් එෆ් එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නුවන් ලියනගේ.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ, දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන හා එක්ව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මගින් එක්රැස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සහනාධාර පීඩාවට පත් ජනතාව වෙත බෙදා දෙමින්.