Published
ආපදා හේතුවෙන් හානියට පත් වූ ඇතැම් යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම පිලිසකර කිරීමට තවත් මාස 06ක පමණ කාලයක් ගතවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
කෙසේවෙතත් අද වන විට රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වලින් සියයට 90ක් පිලිසකර කර ඇති බවයි ඔහු පැවසුවේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
මේ අතර ඉදිරි දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.




