රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. එම නඩුව ඉකුත් 22 වනදා විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළේ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සහ පරික්ෂණ කිහිපයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අනුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව සිදු කිරීමට නියමිතයි. කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ හැකිද යන්න වෛද්‍ය මණ්ඩලයක් විසින් පරික්ෂාවට ලක් කර ලබා දෙන වාර්තාවකට අනුව තීරණය කරන බවයි.
ඒ අනුව අදාළ වෛද්‍ය මණ්ඩලය සහ රෝහල් අධ්යක්ෂවරයා අද දිනයේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වන්නේ. Published