රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ පරිශ්‍රයේ වෙනම ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට සුදුසු බවට බන්ධනාගාර නිලධාරීන් යෝජනා කරනවා. ඒ, ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතත් එය තීරණය වන්නේ අධිකරණ ලබා දෙන නියෝගය සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන් ගන්නා තීරණය මත බවයි පැවසෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් රැඳවිය යුත්තේ මැගසින් බන්ධනාගාරයෙයි. එහෙත් ඔහු එම බන්ධනාගාරයේ රැඳවීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ ඉඩ පහසුකම් නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ, එම බන්ධනාගාරයේ පවතින රැඳවියන්ගේ තදබදය හේතුවෙන්. මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇතැම් හිටපු දේශපාලඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් ඇතැම් අවස්ථාවල රඳවා තැබූණේ වැලිකඩ බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ අදාළ ආරක්ෂිත ස්ථානයේයි. එහි රැඳවු පිරිස අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා, රන්ජන් රාමනායක ද අයත්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, අනිවාර්යය නිවාඩු යවා සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන රජයේ නිලධාරීන් ද එහි රඳවා සිටි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මෙරට හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට නීතිමය හැකියාවක් තිබේද? මේ වන විට සමාජයේ මතුව ඇති උණුසුම් කතාබහ එයයි. ඒ අනුව ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් විමසා සිටියා.
Published