හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණිය ද වත්මන් ආණ්ඩුවට බලපෑමක් කිරීමට ඔහුට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. පසුගිය පාර්ලිමේන්තුවේ මෙන් ඔහු වටා එක්වීමට බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට විපක්ෂය නියෝජනය කරන පිරිස් සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.