ආපදා තත්වය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිර වී සිටි විදේශ සංචාරකයන් පිරිසක් මුදවාගෙන විශේෂ ගුවන් යානයකින් කොළඹට රැගෙන විත් තිබෙනවා..
එලෙස මුදාගත් සංචාරකයන් අතරට ඉන්දීයාව, දකුණු අප්‍රිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ස්ලෝවැකියාව යන රටවල්වලින් පැමිණි සංචාරකයන් අයත්.

එම සංචාරකයන්ගේ නවාතැන්, ප්‍රවාහන පහසුකම් ඇතුළු ඉදිරි කටයුතු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවා.