Published
ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා වූ කොටසේ යළි දුම්රිය ධාවනය කිරීමට අවුරුද්දක පමණ කාලයක් ගතවනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසනවා.
‘දිට්වා’ සුළි කුණාටුව සහ සිදුවූ ආපදා හමුවේ විනාශ වූ ඇතැම් දුම්රිය මාර්ග මේ වනවිට පිලිසකර කර ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.




