Published
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර තිබුණා.
කේසේ වෙතත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද දිනයේ ඔහු එම කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටි බවයි වාර්තා වුණේ.
රාජිත සේනාරත්න මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම්දී ඇත්තේ තමන් උණ රෝගයකින් පෙලෙන බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
ධීවර අමාත්‍ය ධූරය දරන සමයේ කිරින්ද ධීවර වරායේ එක් රැස්වන වැලි ඉවත් කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.