Published
නිරෝගී යැයි පෙනෙන පුද්ගලයින් ලබාගත් රුධිර සාම්පලවලින් බරවා රෝගීන් හඳුනාගෙන ඇතැයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා පවසනවා.
එවැනි පුද්ගලයින් 27 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි අධ්යක්ෂවරයා සඳහන් කළේ.
ඔහු කියා සිටියේ බරවා රෝග ලක්ෂණ මතුවන්නේ කාලයක් ගතවීමෙන් පසුව බවයි.
මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසයි.
බරවා රෝග පාලනයට ගෙන ඇති පියවර කුමක්ද?
මේ අතර, ගතවූ සැප්තැම්බර් මාසය වන විට විදේශ ගතව සිට මෙරටට පැමිණි මැලේරියා රෝගීන් 35 දෙනෙකු වාර්තා වී ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය පවසනවා.
මැලේරියා වැළඳීමේ අවදානම් කණ්ඩායම් කවුද?




