කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා වෛද්‍යවරුන් විසින් ඊයේ රාත්‍රියේ පරික්‍ෂා කර තිබෙනවා.
එහිදී අනාවරණ ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලුවක් ඒ වන විට නොපැවති බවයි. ඒ අනුව හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා තවදුරටත් එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
කෙසේවෙතත් අද දහවල් කාලයේද බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ඔහු පරික්‍ෂා කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ පස්වරු 06ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ‘එම්’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
රිමාන්ඩ් කෙරෙන දේශපාලඥයින් සහ රජයේ සේවකයින් රඳවනු ලබන්නේ එම වාට්ටුවේ බවයි වාර්තා වුණේ.
ඒ, ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති
ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.
මේ අතර සිර දඬුවම් නියම වූ සිටින එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ ඔහුගේ සහෝදරයා වන එස් එම් රංජිත් මහතාද පසුවන්නේ බන්ධනාගාරගතවයි.
එම දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.